Showing posts with label බාගතකරගැනීම සඳහා විවිධ මෘදුකාංග. Show all posts
Showing posts with label බාගතකරගැනීම සඳහා විවිධ මෘදුකාංග. Show all posts
Thursday, July 22, 2010
ස්නැගිට් : තිර ග්‍රහක මෘදුකාංගය (Screen Captor)
ඉතාමත් අනර්ඝ "ස්ක්‍රීන් කැප්චරින්" මෘදුකාංගයක් තමයි ස්නැගිට් කියන්නෙ.
මේක ගැන කියන්න ගත්තොත් ගොඩාක් දේවල් තියෙනව.. මම ඒ නිසා මුකුත් වැඩිය නොකියා පින්තූර ටිකක් විතරක් දාන්නම්...
මූලික වශයෙන් මේය මෘදුකාංගට පුලුවන් තිරයේ තියෙන විවිධ කව්ළු හඳුනාගන්න. ඒ වගේම වෙබ් ලිපිනයක තියෙන සියළුම පින්තූර එකවර බාගත කර දෙන්නත් පුළුවන්.
අන්තිම පින්තූර දෙකෙන් දැක්වෙන්නේ "ස්නැගිට් එඩිටර්" කියන කව්ළුවයි. මෙයත් මෙම "ස්නැගිට්" මෘදුකාංගයේම කොටසක්. අප ලබාගන්නා ප්‍රතිඵලය තවදුරටත් සංස්කරණය කිරීමට හා ගබඩා කිරීමට(සේව් කිරීමට ) මෙය යොදාගන්නවා. ග්‍රහණය කරගත් ඕනෑම තිරයක් ග්‍රහණය කරගත් විගසම ස්නැගිට් එඩිටර් කළුව තුලින් ඉබේම විවෘත වෙනවා.
--සංස්කෘත------------------------------------------------------------------------------------------------
කට්ටිය ලින්ක් එක දැක්කෙ නෑ වගේ. අර උඩින් තියෙන ස්නැගිට් කියන වචනෙ ඔබන්න. ඒක මම අප්ලෝඩ් කරපු ටොරන්ට් ගොනුවක්.
Sunday, June 20, 2010
රෙජිස්ට්‍රි ක්ලීනර්ස්
රෙජිස්ට්‍රි එක දෝෂ සහිත වීම නිසා ඔබගේ පරිගණකයේ වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය මන්දගාමී විය හැකියි. මේ නිසා මෙම දෝෂ ඉවත් කිරීමට භාවිත කළ හැකි මෘදුකාංග වර්ගයක් තමයි "රෙජිස්ට්‍රි ක්ලීනර්ස්".
මෙම මෘදුකාංග අතරින් හොඳ මෘදුකාංග දෙකක් තමයි "රෙජිස්ට්‍රි මිකැනික්" සහ "යුනිබ්ලූ රෙජිස්ට්‍රි ක්ලීනර්".
මෙම මෘදුකාංග ටොරන්ට් වලින් මෙහෙම බාගත කරගන්න පුළුවන්
1.) රෙජිස්ට්‍රි මිකැනික් v9.0
2.) යුනිබ්ලූ රෙජිස්ට්‍රි ක්ලීනර් 2010
3.) යුනිබ්ලූ පවර් සූට් 2010*
*යුනිබ්ලූ පවර් සූට් 2010 යනු මෘදුකාංග එකතුවකි. එහි, " යුනිබ්ලූ රෙජිස්ට්‍රි ක්ලීනර් 2010 ", " යුනිබ්ලූ ස්පීඩ් අප් මයි පී සී 2009 " , " යුනිබ්ලූ ඩ්‍රයිවර් ස්කෑනර් 2009 " , " යුනිබ්ලූ ඩිස්ක් රෙස්කියු 2009 " කියන මෘදුකාංග අඩංගු වෙනවා.
සංස්කරණය
ඔබ රෙජිස්ට්‍රි මිකැනික් පිහිටුවීමෙන් පසුව ඔබගේ දෘඪ තැටිය අනවශ්‍ය ලෙස පිරෙන්නට පටන් ගන්නේ නම්,
" C:\Program Files (x86)\Common Files\PC Tools\sMonitor " යන බහලුවේ ඇති " cputime.xml , logfile.etl " යන ලිපිගොනු වල ප්‍රමාණය (space usage) පරික්ෂා කරන්න. එම ලිපි ගොනු අනවශ්‍ය ලෙස විශාල වී ඇති නම් ( GB ගණනක් ) බොහෝ විට හේතු විය හැක්කේ ඔබගේ පරිගණක පද්ධතියට මෙම රෙජිස්ට්‍රි මිකැනික් මෘදුකාංගය නිසි පරිදි නොගැලපීමයි. එම නිසා එම මෘදුකාංගය ඉවත් කර sMonitor බහලුව ද මකා දැමීම (delete) වඩාත් සුදුසු ය.
Labels:
බාගතකරගැනීම සඳහා විවිධ මෘදුකාංග
Subscribe to:
Posts (Atom)









