Saturday, March 26, 2011

සොහොයුර මලිත්

උඹේ සිනහවත් හංගගෙන
අපිටත්, කාටත් නොකිය රහසින් ම
උබ යන්න ගිහින්
අපේ සිනහවත් අරගෙන ම

අපි උඹට වරදක් කරාද බං...
හිත රිද්දුවද අපිත් මේ තරමටම උඹේ...
අපිව මෙහෙම හැරයන්න...
ආවෙ නැද්ද දුකක් හිතට උඹේ...

මතක් වෙනව බං
"හලෝ මචං" කියල හිටපු කාලේ...
බට්ටො වගේ හිටපු කාලේ...
සෙල්ලම් කරපු කාලේ....

ගෙදරවැඩ නොකර එකට ගුටි කෑව මතකද...?
විහිළු කරල බඩ අල්ලගෙන හිනා උනා මතකද...?
පුංචි දේටත් තරහ වෙලා රංඩු උනා මතකද...?
ආයෙමත් යාළු උනාම දැනෙන සතුට මතකද...?

ඉතින් දැන් උඹ යන්න ගිහින්...
ඒත් අපිට විස්වාසයි
උඹටත් මේව හැම එකක්ම මතක ඇති...
උඹටත් ගොඩක් දුක ඇති...

මලිත්,
උඹ හැමදාමත් අපේ හිත්වල
පිපුන මලක් වගේ
අපි එක්කම ඉඳියි බං

උඹ කොහේ හිටියත්, කොහේ ගියත් හොඳට ඉඳපන් මලියෝ...
මේ සංසාරේ කවදාහරි අපි ආයෙමත් යාළුවෝ වෙලා ඉපදෙමු...
උඹට තෙරුවණ් සරණයි...

2011-03-26